මොසුල් නුවර සිිට ලියමි - A Letter From Mosul

ඇන්ජලිනා ජොලී මහත්මිය එක්සත් ජාතින්ගේ සරනාගතයින් පිලිබද සංවිධානයේ විශේෂ නියෝජිතවරියකි. මෙහි දැක්වෙන්නේ ISIS සංවිධානයට එරෙහිව ලෝකයේ බලවත් රටවල් විසින් කල යුද්ධයේදී වැඩිම හානියකට ලක්වු ඉරාකයේ ඉපැරනි මොසුල් නගරයේ වර්ථමාන ඛේදජනක තත්වය පිලිබද ඇය විසින් Huntingtonposts  වෙබ් අඩවියට ලියු ලිපියක සිංහල පරිවර්ථනයයි. යුද්ධයේදි හා ඉන් පසුව බලවත් රටවල් ක්‍රියාකල ආකාරය විවේචනය කරන ඇය  ඕනෑම යුද්ධයක අතරුඵලය වෙනසක් නැති එකම ප්‍රතිඵලයක් බවත් වඩා වැදගත් වන්නේ මිනිස් ජිවිත රැකගැනීම බව ප්‍රකාශ කරයි .පසු ගිය 30 වසරක ලංකාවේ සිවිල් යුද්ධයේ පැවතීම හා ඉන් පසු තත්වය මේ හා සමාන එකක් වන අතර ඇය මේ ලිපියෙන්  ඉදිරිපත් කරන කාරනය යුද්ධයෙන් පසු උතුරේ තිබු තත්වය ගැන නැවත සිතීමට උපකාරයකි.
          - කතෘ (Nation's Blog)



ඇන්ජලීනා ජොලී
එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිලිබද නියෝජිත
2018/06/19

දෙවන ලෝක යුද්ධයෙන් පසු නගරයක් කේන්ද්‍රකරගනිමින් සිදුවු විශාලතම යුද්ධය නම් ඉරාකයේ මොසුල් නුවර ISIS ග්‍රහනයෙන් මුදාගැනීම සදහා දියත් කල දැවැන්ත මෙහෙයුමයි. සිවිල් වැසියන් දහස් ගනනින් මියැදුන අතරම ඉරාකයේ මහා නගර එකම සුන්බුන් ගොඩක් බවට පත්වී තිබුනි. මේ මොසුල් නුවර නැගෙනහිර කොටස දැන් යථාතත්වයට ක්‍රමයෙන් පත්වෙමින් පවතින අතර බටහිර කොටස යුද්ධයෙන් වසරකට පසුත් තවමත් සුන්බුන් මත්තේය. පසුගිය දශකයක් පුරාවට මැදපෙරදිග සහ ඇෆ්ගනිස්තානයේදි මා ලැබූ අත්දැකීම් අනුව මා උගත් දේ අනුව නම් යුධමය ජයග්‍රහනයක් නැවත එම ප්‍රදේශවල ස්ථාවරත්වයක් ඇති කිරීම උදෙසා ප්‍රමානවත් නොවේ. මන්ද එයද අවසානයේ  එක් ආකාරයක ප්‍රචන්ඩත්වක් පමනක් බවට පත්වන නිසාය.

මේ විනාශයට මුල පිරූ ප්‍රචන්ඩකාරී අන්තවාදින් රැල නැවත මෙහි පැමිනීම වැලැක්වීමට කටයුතු සැලසීම මෙහි ඇති වැගත්ම කාරනය ලෙස සලකනවා මෙන්ම මේ නගරය නැවත ගොඩනැගීම සාමය ස්ථාපිත කිරීම හා  එහි වු ඓතිහාසික හා සංස්කෘතික වටිනාකම් නැවත ගොඩනැංවීමටද ප්‍රමුඛතාවක් දිය යුුතුමය .බොහෝදෙනෙක් සිතන පරිදි මේ බටහිර මොසුල් නුවර මේ වනවිට ගොඩනැගිලි ඉදිකිරීම් යන්ත්‍ර, සැලසුමි ශිල්පීන් ,ඉංජිනේරුවන්, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන වල නියෝජිතයන්, පුරාවිද්‍යා ගවේශකයන් හා කාර්මික ශිල්පීන් හා එකතුව බිදවැටනු මේ නගරය ගොඩනැංවීමට සැලසුම් සකසමින් සිටින්නේය යන්න සත්‍යක් නොවේ .වසරකට පසුත් තවමත් මේ නුවර අත්හැර දැමු විනාශයට පත් එකම සුන්බුන් ගොඩකි

තවමත් මෙහි ඇත්තේ මෝටාර් සහ වෙඩි උන්ඩ වලින් සිදුරු සැදුනු බිත්තිය. මංමාවත් ඉතාම පාලු නිහඩ බවකින් පිරි ඇත .මෙහි ජිවත් වු  ලක්ශ ගනනක් වු දිවිගලවා ගත්තුවුන් නැවත තම විනාශයට පත්වු මුල් බිම් හෝ නිවාස වලට ගොස් කලහැකි දෙයක් නෙැමති කමින් විශ්වවිද්‍යාල භූමි හෝ වෙනත් ජනතාව ගැවසෙන ස්තාන වල තාවකාලිකව ලැගුම් ගෙන සිටින අතරම මියගිය මලසිරුරු සිය ගනනින් තවමත් මේ ගොඩනැගිලි අතර සිරවී විසිරි පවති.මහාමාර්ග ගමනාගමනයට කිසිසේත්ම සුදුසු නොවන තරම්ය. අතලොස්සක් පමන වු මුල් පදිංචිකරුවන්ගෙන් පිරිසක් පමනක් නැවත පැමින සිය දෑත් වලින් කඩා වැටුන ඔවුන්ගේ ජීවිත නැවත ගොඩනැගීමට උත්සහ දරන්නේ යුද්ධයේදී ඉතිරිවු පුපුරානොගිය බෝම්බ වලින් සිය ජිවිතය අවසන්වීමේ අවධානමද අතැතිවයි. පසුගිය සතියේ සිදුවු එවන් පිපිරීමකින් ජීවිත කිහිපයක් අහිමිව 27 දෙනකුට තුවාල සිදුවිය.

මෙහි බරපතලම ඛේදවාචකය නම් ගොඩනැගිලි කඩා වැටීම නොව මෙහි ජිවත්වු මිනිසුන්ගේ හදවත්වල සිදුවු සංවේගජනක බිදවැටීමය. යුද්ධයෙන් අවතැන්වු පදිංචිකරුවන්ට ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් උපයාගත් දෑ ලියකියවිලි මෙන්ම ඔවුන්ගේ අනන්‍යතාවය පවා නැතිවී ගොසින්ය .වෙනස් ආගමික මත දැරූවද එකට ජිවත් වු මිනිසුන් දැන් බෙදි ගොසින්ය.මා සමග කතාබහ කල එක් මිනිසෙක් හමුදා බලඇනි විසින් තමන්ට පහර දුන් අකාරය ගැන පැහැදිලි කලේ කදුලු පිරි දෙනෙතින්ය. මහා මාර්ගයකදි තමා ඉදිරියේ මිනිසෙකු මරා දැමු ආකාරය කුඩා දරුවෙකු මට පැහැදිලි කලේය. මෝටාර් ප්‍රහාරයක් නිසා දෙපා කැබලි බවට පත්ව වේදනාවෙන් කෑ ගසා අවසානයේ අධික රුධිර වහනයක් නිසා තම දෑත් මතම මියගිය සිය නව යොවුන් වියේ දියනියගේ සංවේගජනක කතාව එක් මා පිය යුවලක් මට පැහැදිලි කලේය. මෙහි ඇති අවනීතික සහ අසාධාරනයේ සහ ඛේදජනක භාවයේ තරම කිව නොහැකි තරම් විශාල එකකි.

මෙයින් දිවි ගලවා ගත්තවුන් දැන් සිටින්නේ හැගීම් විරහිතව තම ජීවිතය අත්හැර දැමුවන් ලෙසයි .ඔවුන් යුද්ධයෙන් පසු බලාපොරොත්තු වු දේ සහ ලෝකය විසින් දැන් ඔවුන් අමතක කොට ඇති තරමේ පරතරය කම්පාකරවන සුලුය. මට දැනුන තවත් ප්‍රශ්නයක් වන්නේ දෙවන ලෝක යුද්ධයන් පසු යුරෝපයේ සුභ සාධනය වෙනුවන් දැක්වු ප්‍රතිචාරය සහ මේ ISIS වරුන්ට එරෙහිව කල යුද්ධයෙන් පසු එ් යුද්ධයෙන් හානි වු රටවල් වලට යුද්ධයෙන් පසු ලෝකය දැක්වු සහයෝගයේ වෙනසයි.

රසායකින අවි ප්‍රහාර වලින් පිඩාවිදින්නන් ,රෝහල් වලට බොම්බ දැමීම ,සමුහ ස්ත්‍රි දූශන, බඩගින්න ,මුලික අවශ්‍යතා හෝ අහිමිවීම යුද්ධය සමග මේ ජනතාවට ලද දේවල්ය. කෙසේ හෝ අප අවසානයේ මිනිස් හැගීම් දැනිම් නොදැනෙන අකාරයේ කන්ඩායමක් බවට පත්වී ඇත. මේ බිදවැටුන මොසුල් නගරය මැද සිටගෙන සිට්න මට දැනුන දෙයනම් මේ ඛේදවාචකය පසුගිය දශයක තුල බලවත් රටවල්වල දුර්වලම විදේශ ප්‍රතිපත්තින්ගේ අතුරු ප්‍රතිඵලයක් බවයි. එපමනක් නොව දැන් මේ නගරය දරාගැනීම පැවතීම ඉවසීම වැනි මානව ගුනාංග ප්‍රදර්ශනය කරන විශ්විය සංකේතයක් ලෙසයි.  සැබැවින්ම මේ මොසුල් වැසියන් අපේ සහයක් බලාපොරාත්තු නොවේ. වසර 3000 ක ඔවුන්ගෙ ඉතිහාසය පුරා ඒ ශක්තිය ඔවුනට ඇති බවට උදාහරන ඇත. තෙවසරක් පුරා පැවති ත්‍රස්තයෙන් දැන් මේ ජනතාව මිදෙමින් සිටින අතර ලෝකය විසින් ISIS වරු මුුලුනුපුුටා ගැනිමට එක්ව කටයුතු කිරීමට පෙලඹුනා මෙන් යුද්ධයෙන් පසු මේ වැසියන්ගේ ජීවිත නැවත නගා සිටුවීමටද ඔවුනට එකතුවිය හැකිනම් කොතරම් අගනේද.