Google Trends විශ්ලේෂනයක්

අන්තර්ජාලය තොරතුරක් සොයාගැනීමට කොතරම් පහසුකමක් සැලසුවද අන්තර්ජාලයයේ දත්ත භාවිතය ගැන තොරතුරු සෙවීම සමාන්‍ය පුරවැසියකුටනම් කල නොහැක්කකි. මෙයට වඩාත් සුදුසුම ප්‍රවේශය සෙවුම් යන්ත්‍රයවලට දත්ත සෙවීම සදහා ඇතුලත් කරන වදන් පදනම් කර ගනිමින් එය සංක්‍යාන දත්ත බවට හැරවීමය. මෙයට විසදුමක් ලෙසයි 2006 වර්ශයේදී ගුගල් සමාගම Google Trends විශ්ලේශන සේවය දියත් ෙකරනලදී.

අන්තර්ජාලය හා එහි හැසිරීමත් මහජනයා එය කලින් කලට භාවිත කරන ස්වභාවය පිලිබද දැනගැනීමටත් උනන්නදු වන පාර්ශවයන්ට, සමීක්ශකයන්ට, සහ පොදු මහජනතාවට උපකාර වන අන්දමින් එය නිර්මානය කර ඇත. මෙම වෙබ් සේවාව මගින් එකිනෙකට අනුයාත සම්බන්ධතාවක් ඇති හෝ නැති සෙවුම් වදන් දෙකක් හෝ කිහිපයක් පිලිබදව අන්තර්ජාලයෙන් පිරික්සාබැලීමට මහජනතාව උනන්දුවී ඇති අකාරය පිලිබද සවිස්තරාත්මක තොරතුරක් ලබාගත හැකිය .

එපමනක් නොව කාලජේද අනුව රටවල් අනුව සහ එඒ රටවල් වල ප්‍රන්ත/පලාත් වන වෙසෙන ජනයා අදාල මාතෘකාව පිලිබද අන්තර්ජාලයේ සෙවුම් සිදුකර ඇති ආකාරය පිලිබද විශ්ලේශනත්මක වාර්තා මින් සපයයි.  ගුගල් ට්‍රෙන්ඩ් සේවය මගින් ලබාගන්නා දත්ත මගින් ගනු ලබන තීරන බොහෝවිට සාර්ථක වියැ හැකිය. මන්දයත් මෙය දැනට ලෝකයේ වැඩිම පිරිසක් භාවිත කරනු Google සෙවුම් යන්ත්‍රය හා සම්බන්ධ වුවකි.

ලංකාව SEX යන සෙවුම් වදන වැඩ්යෙන්ම භාවිතා කර ඇති රාජ්‍ය බවට පසුගිය කාලයේ රාවයක් පැතිරිගියේ මේ Google Trends සේවාවෙන් ලබාගන්නා දත්ත පදම්කරගනිමින්ය .කෙසේ නමුත් කුමන හෝ බලවේගයක අනුහසින් ලංකාවේ පමනක් නොව මෙහි ඇති රටවල් වලින් අති විශාල ප්‍රමානයක් වැඩිපුරම සොයා ඇති වදන් වන්නේ Porn/Sex යන වදන්ය.

කෙසේ නමුත් මගේ අරමුන වුයේ ගුගල් ට්‍රෙන්ඩ්ස් වැඩසටහන හරහා ලබාගන්න දත්ත මගින් ලංකාවේ ප්‍රසිද්ධ දේශපාලන චරිත තුනක ගමන පිලිබද යම් අදහසක් ලබාගත හැකිවේද යන්න සොයාබැලීමයි .යමෙක් අන්තර්ජාලය හරහා Keyword එකක් මගින් දත්ත සොයනු ලබන්නේ අදාල විශය හෝ පුද්ගලයා පිලිබද උනන්දුවෙන් සිටින පාර්ශව යැයි උපකල්පනය කලහොත් අපට මේ තිදෙනාගේ ඉදිරි දේශපාලන අවකාශයන් පිලිබද ගුගල් ට්‍රෙන්ඩ්ස් ඇසුරෙන් යම්  ස්ථාවරයකට පැමිනිය හැකිය. 

මෙහිදී මම Gotabaya Rajapaksha ,Mahinda Rajapaksha හා Maithripala Sirisena යන නායකයන් තිදෙනා පිලිබද පසුගිය මාස තුනක කාල සීමාව තුල ලංකාව යන රාජ්‍ය තුල අන්තර්ජාලය සෙවීම් පිලිබද විශ්ලේශනය ලබාගැනිමට හැකිවිය.එය මෙතැනින් ඔබට නැරඹිය හැකිය මෙම ගුගල් විශ්ලේශනයට අනුව සමස්තයක් ලෙස ලංකාවේ වැඩිම පිරිසක් පිලිවෙලින් මහින්ද රාජපක්ශ, මෛත්‍රිපාල සිරිසේන, හා ගෝඨාබය රාජපක්ශ යන මහත්වරුන් පිලිබද සෙවීමි සිදුකොට ඇත එහි ප්‍රස්ථාරය පහත දැක්වේ.


උතුර , වයඹ උතුර හා දකුනු පලාත තුල වැඩිම සෙවුම් ප්‍රමානයක්  මෛත්‍රිපාල සිරිසේන මහතා පිලිබදවත් (වත්මන් ජනාධිපතිවරයා පිලිබද වැඩිම සෙවුම් ප්‍රමානයක් වාර්තා වන්නේ උතුරු පලාතෙනි). නැගෙනහිර, සබරගමුව, ඌව ,බස්නාහිර, හා උතුරු මැද යන පලාත් වල මහින්ද රාජපක්ශ මහතා පිලිබදව වැඩිම සෙවුම් ප්‍රමානයකුත් ලැබී ඇත. (මෙයිනුත් මහින්ද රාජපක්ශ මහතා පිලිබද වැඩිපුරම සෙවුම් ප්‍රමානයක් ඇත්තේ උතුරු මැද පලාතේය) .කෙසේ නමුත් ගෝඨාභය රාජපක්ශ මහතා පිලිබද යම් හෝ සෙවුම් ප්‍රමානයක් සටහන් වන්නේ බස්නාහිර පලාතේ පමනි.

මෛත්‍රිපාල ජනාධිපතිතුමා සහ හිටපු මහින්ද රාජපක්ශ මැතිතුමා සංක්‍යාදත්ත අනුව නිරූපනය කරන කලාපයන් අනුව ඔවුනොවුන්ගේ ප්‍රාදේශිය ජන්ද පදනම් සිතියමම නැවත ප්‍රතිස්ථාපනය වුනාසේ සැලකිය හැකිය.


මා ඉහත යොදාගෙන ඇත්තේ ගුගල් ට්‍රෙන්ඩ්ස් වැඩසටහන භාවිතයක් පිලිබද සරල උදාහරනයක් මිස එය දේශපාලනික මත විවාතව ප්‍රකාශයට හෝ දේශපාලනික මත උදෙසා සුදුසු මුලාශයක් නොවේ.