දොන් පෙදෙසේ නොපල කතා - Mikhail sholokhov

"ජර්මානුවෝ ඒ දැරිවිව කුස්සිය පිටිපස්සට ඇදන් ගිහිල්ලා දුශනය කරල මරල දාලා. ඒ දැරිවි වැටිල උන්නේ තැලිච්ච අර්තාපල් ගොඩක් උඩ පුංචි දැරියක් ලපට් එකියක් ලේ තැවරුනු අභ්‍යාස පොතුයි අච්චු පොතුයි මිනිය ලග වැටිල තිබුනා මූන පොරවකින් කපල එහෙම  පිටින්ම මහ භයානක තාලෙට විකෘති වෙලා දැරිවි තමන්ගේ අතින් කට ඇරිචිච පාසල් බෑග් එකත් අල්ලගෙන උන්න අපි ඉතින් දැරිවිගේ මිනිය රෙද්දකින් වහල කතා නැතිව හිටගෙන උන්නා"

මේ කතාව කියන්නෙ කපිතාන් ගෙරාම්සෝව්. ඒ චුලානන්ද සමරනායක මහතා විසින් දොන් පෙදෙසේ නොපල කතා යන නමින් පරිවර්ථනය කරල ඉදිරිපත් කරපු රුසියානු ලේඛක මිහයිල් ෂොලෝහෝව් ගේ කෙටි කතා එකතුවක තියෙන වෛරයෙන් උගත් පාඩම් කියන කතාව ඇතුලේ .මෙම පොතේ පලවෙලා තියෙන කෙටි කතා අට අතරින් " කොමඩු වතු මුරකරන්නා" කතාව හැරුනු කොට අනික් සියලුම කතා සිංහලට පරිවර්තනය වන්නේ පලමුවෙනි වතාවට. නොබෙල් ත්‍යාගලාභී මීහයිල් ශොලෝහව් උපත ලබන්නේ 1905 මැයි 11 වැනි දා රුසියාවේ  Veshenskaya ප්‍රදේශයේ ,ළමා සහ පාසල් කාලයෙන් පස්සෙ ඔහු රතු හමුදාවට බැදෙනවා. ඉන් වසර 4 කට පස්සේ මිහයිල් දකුනු රුසියාවේ දොන් පලාතට පැමිනෙනවා ඉන්පසු 1932 දි කොමියුනිස්ට් පක්ශයට බැදෙන ඔහු 1961 දි එහි මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෙක් බවටද පත්වෙනවා.

දෙවන ලෝක යුද්ධ සමයේදි රුසියානු සමාජය යුධමය වශයෙන් හා ආර්ථිකමය වශයෙන් හා සමාජී්‍ය වශයෙන් බැටකාපු තරම කෙටි කතා කිහිපයක් ඔස්සේ ගලායන විදිහට නිර්මානය කරල තියනවා.  අවුරුදු 30ක් යුද්ධයෙන් බැටකාල සංවේදී ඉන්ද්‍රියන් මොට වෙච්ච මිනිස්සු ඉන්න රටක් විදිහට අපේ රටේ මිනිස්සුන්ට මේ නිර්මාන පෙල මොන විදිහට සංවේදි වෙයිද කියල කියන්න අමරු උනත් සමහර විට මේ කතා ටික කියවන් යනකොට ටික දෙනෙක්ට හරි  අපේ පරන මතක ඇවිස්සෙන්නත් පුලුවන්.

ලංකාවේ නිදහට පෙර යටත් විජිත කාලයේ ඉදල ලබපු අමිහිරි අත්දැකීම් වල වේදනාව යන්නත් කලින්, 57 බන්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමෙන් පසුකාලේ පුපුරල යන්න පටන් ගත්ත ජනවාර්ගික අර්බුදයත්. ඒකේ දිගුවක් උන 83 කලු ජුලියේ ඉදල 2009 වෙනම් ඇදිල ආපු සිවිල් යුද්ධය වගේම 71 කැුරැල්ල, 88-89 භිශන යුගය, ඇතුලේ අපි හොද හැටි විදපු අපි දැකල තියෙන අපි අහල තියෙන තිත්ත කතා වලම ප්‍රතිරූපයක් තමයි දොන් පෙදෙසේ නොපල කතා. මෙහි තියන කතා අතරින් අපේ ලාංකීය සමාජයට හොදින් හුරුපුරුදු බඩගින්නත් දුගි දුප්පත්කමත් හා වීරත්වයත් ගැන ''අල්යෝශ්කාගේ හදවත'' තරම් සංවේදී වෙනත් කතාවක් මම කියවා නෑ. එවන් මිනිස් ජීවිත අපේ පෙරදිග අපේ සමාජයේද  මේ ලංකාවේද දැනට උවද විරලව හෝ තියෙනවා.  එහි එක තැනක මෙලෙස සදහන් වෙනවා.

''අල්යෝශාගේ විදුරුමස් වනවිමට පටන් ගතී .උදෑසන දරාගත නොහැකි බඩගින්න නිවාගනු පිනිස ඔහු එල්ම් ගසක ලාටු බැදි පොත්තක් සපද්දී ඔහුගේ දත් බුරුල්ව  නලියන්නට වුයේ දරුනු වමනයකින් උගුර සිරවී ගියේය - අල්යෝශාගේ දෙපා තනපත් මෙන් දුබලය. සැකයෙන් දෙපා දෙස බැලු ඔහු දෙතොල් අග දැනෙමින් පැවති දරුනු වේදනාව හේතුවෙන් මුුමුනමින් ආපසු වැතිර ගත්තේය. - මට එතැනට යන්න බෑ අම්මෙ හුලගට මාව ගසාගෙන යනවා''

යුද්ධයෙන් බැටකාපු බඩගින්නෙ කන්නවත් නැතුව ලේ විතරක් දැකපු  සමාජයක පාපොච්චාරනයක් දොන් පෙදෙසේ නොපල කතා තුලින් කියැවෙන හැම කතාවක් තුලම තියෙනවා .බඩගින්දරත් අනෙකාගේ වේදනාව ගැන නොහිතපු කුරිරු සමාජයත් යුද්ධයේ  ත්‍රස්තයත් මිනිසුන්ගේ වීරත්වය වගේ ආත්ම පරිත්‍යාගය ගැනත් කියවෙනවා .කාලෙන් කාලෙට අද දක්වා මරන හැරෙන්නෙ වෙනත් දෙයක් නොලබාපු රටක් විිදහට ඉදිරි දශකය තුල අපේ රටේ අය මොන විදිහේ ලේ වැගිරීමක් වෙයිද කියන්න අපි දන්නේ නෑ .ඒ කොහොම උනත් අපට පුලුවන් උනොත් මෝඩකමින් හා දේශපාලන වහල්බාවයෙන් අන්ධ වෙලා තවත් ජාතියක බෙල්ලට තුවක්කුව තියල දනගස්සවලා පුරාජේරුකම් කියවලා සදාකාලික මායාවක හිරවෙලා ඉන්න අපේ මිනිස්සුන්ට පොතපතින් කලාවෙන් හෝ අධ්‍යාපනයෙන් එක දශමෙක හරි අවදිවිීමක් කරන්න ඒකට මේ කතාපෙල පොඩ්ඩක් හරි උපකාරී වෙයි .