යුක්තිය සහ අයිතිය උදෙසා සටන් වැද මියගිය තරුණ ආරක්ශකයෝ-(young Guards)

සිරිනි මල් පිපුනේය. සුදු පැහැ මල් පොකුරු විවෘත කුවුලුව තුලින් මගේ කුටියට එබිකම් කරන්නට විය .1926 ජුනි 08 වැනිදා ඒ මිහිරි මතකය. චෙර්නිගොව්ශිනාවේ ප්‍රීලුකීහි දී මා සිතෙහි  සිත්තම් විය. ඒ සොදුරු දිනයේ මට පුතෙක් උපන්නේය
                                                                                            -  යෙලේනා කොෂව්යා

තම ලෙයින් බිහිවුන දරුවා උපන් හැටි මාතෘ සෙනෙහසින් කිරිබිවු හැටි, දන ගාපු හැටි, හැදුන වැඩුන හැටි, සහ අවසානයේ තමන්ටත් පෙර තම දරුවගේ මල සිරුර සමුහ මිනී වලකින් ගොඩගත් හැටි සියලු වේදනාකාරී මතකයන් පොතක ලියන්නට සිදුවීම කොයිතරම් ඛේදජනක සිදුවීමක්ද. එවන් මවුවරු දසදහස් ගනනක් තවමත් මේ ලංකාවේ පොලව මතද ජීවත්ව සිටින අතරම ඇතමෙක් සියලු වේදනාවන් එලෙසින්ම හැදවතේ කැටිකරගෙන පොලවට පස් වී ගොසින්ය.

යෙලේනා කොෂෙවයා ලේඛිකාවක් නොව උදාර පුත්‍රයෙකු ලෝකයට දායාද කල ශේෂ්ඨ මවකි. හිට්ලර්ගේ පැසිස්ට් හමුදාව රුසියාව ආක්‍රමනයට එරෙහිව ඇගේ පුත් ඔලේග් කොශේහවු,ඉවාන් තුර්කෙනිච් ඇතුලු කිහිප දෙනෙකුගේ මූලිකත්වයෙන් කොම්සොමෝල් සංවිධානයේ යටිබිම්ගත දේශප්‍රේමී සංවිධානය නොහොත් ''තරුණ ආරක්ශකයා'' පිහිටුවාගනී .එය  අවසාන වශයෙන් හිට්ලර්ගේ රුදුරු පැසිස්ට් ආක්‍රමනයට එරෙහි පුලුල් දේශප්‍රේමී රහස් සන්නද්ධ ව්‍යාපාරයක් වන අතර එය ඉතා සීග්‍රයෙන් වර්ධනයවී හිට්ලර් ගේ නාසි හමුදාවට දරුනු පරාජයන් අත්කර දීමට සමත් වන්නක්. නමුත් සුපුරුදු පරිදි පාවා දෙන්නන් හා බත්බැලයන්ගේ අනුහසින් මෙම තරුණ සංවිධානයේ සාමාජිකයන් අති විශාල ප්‍රමානයක් දරුනු වද බන්ධනයන් විද සමුල ඝාතනය වෙනවා දිවි ගලවා ගන්නේ ඉතාම අතලොස්සක් පමනි අවසානයේ යෙලේනා ඇතුලු මවුවරු සිය ගනනකට සිය දරුවන් දැකගන්නට ලැබුනේ කැලෑවක් තුලින් මතුකර ගත් සමූහ මිනීවලක් තුලිනි.

ඔලේග් කොශෝහව්, සර්ජි තියුලෙනින් ,වැලරියා බෝට්ස් ,ඉවාන් තුර්කෙනිචි ඇතුලු නව යොවුන් කන්ඩායම මේ සංවීධානය බිහිකරන විට ඔවුන්ට වයස අවුරුදු 18 වත් නොතිබෙන්නට ඇති මන්දයත් ඔලේග් කොෂොහව් මරා දමන විටම ඔහුගේ වයස අවුරුදු 17.කිසැම විටම විරුවන් බවට පත්වන්නේ යුක්තියක් හෝ සාධාරණයක් උදෙසා සටන්කල මිනිසුන් පමනකි .අපේ මේ බිමද ලෙයින් පෙගුන බිමක්ය. නාදුනන්නන් එකට පොලව වට වැතිර සිටින බිමකි. නිසැක වශයෙන්ම මේ කියවන විට ඔබට 88-89  යුගය මේ සත්‍ය කතාව සමග එලෙසින්ම සමපාත වන බව පසක් වනු ඇත .කුමන රාජ්‍යක හෝ වේවා සාධාරණය උදෙසා කල සටන්වලදී සැමවිටම මියගියේ වේදනාවන් උරුමකර ගනිමින්ය.යෙලේනා කොශෝව්යා මේ ලියා ඇත්තේ යුක්තිය උදෙසා සටන් වැද මියගිය දරුවන්ගේ සිටින සෑම මවකගේම කතාවයි.

යෙලේනා කොෂෙව්යා මෙසේ කියයි

ඔබ වෙනුවෙන් සටන් වැදි ඔබේ පියවරු සහ සොහොයුරන්
වැගුරු රුධිර ගංගා සිහිපත් කරන්න
ඒවාට ආදරය කරන්න
නුඹ උපන් මාතෘ භුමියට

ඇලේ සෑම තණ පතකටම ආදරය කරන්න
සියලු දේ වටහා ගන්න සියලු අමිල දේ වටහා ගන්න
ලොකු කුඩා සෑම දේ
ඔබේ වැඩිමල් සොයුරන්ගේ ශ්‍රමය වගුරුවා වෙහෙසවන
මව්පියන්ගෙ ඔවදන් පලිපදින්න
ඔබ භාවිත කරන සෑම වස්තුවකටම ගරු කරන්න
සියල්ලට ආදරය කරන්න
ඒ විසල් සුන්දර වදන
"මව්බිම"
තමාටත් වඩා මුලු හදින්
ඇයට ආදරය කරන්න
ඇගේ කීර්තිය උදෙසා අනලස්ව ඉගෙන ගන්න වැඩකරන්න
මන්දයත්
ඇගේ කීර්තිය නුඹේද කීර්තිය වන බැවිනි

(යෙලේනා කොෂවයා ගේ මෙම පොත මල්රේනු කස්තුරිරත්න මහත්මා විසින් '' මගේ පුතා'' නමින් සිංහලට පරිවර්ථනය කර ඇති අතර සුභාවි ප්‍රකාශනයකි)

තරුන ආරක්ශකයන් අතරින් මියගිය කිහිප දෙනක්


ලියුබෝව්  ස්වෙත්සෝවා

සර්ජි ත්යුලෙනින් ගේ අවසාන මොහාත

ඹලේග් කොෂෙව්යා

ඔලේගේ කොෂොව්යාගේ අවසාන මොහාත දැක්වෙන සිතුවමක්

සමුහ මිනිවලෙන් ගොඩටගත් යටිබිම්ගත දේශප්‍රේමී සංවිධානයේ සාමාජිකයින්ගේ අවසන් මොහාත

තරුණ ආරක්ශකයින්ට උපහාර පිනිස සෝවියට් රජය නිකුත් කල මුද්දරය