ලිපි ලැයිස්තුව (Categories)

පැහැරගෙන ගොස් මරා දැමුනු ජේමිස් බුල්ජර් - Murder Of Jamis Buldger

පසුගිය දශක කිහිපය තුල මේ ලංකාව තුල විටින් විට කිහිප වතාවක්ම  ළමයින් ඝාතනය කිරිම පිලිබද අවාසනාවන්ත ප්‍රවෘත්ති ගනනාවක් දශක කිහිපයක් තුල නිරන්තර අසන්නට ලැබුනා. මතුගම සමන් කුමාර, සදීප ලක්ශාන් , සේයා සදේවුමි ,ඉරනවිල රුසිත් නිර්මාල් සහ පසුගිය දිනෙක අසන්නට ලැබුන පුත්තලම සෙනුරි තිසාරාගේ ඝාතනය ලාංකීය සමාජය කොපමන ප්‍රමාණයකට කලින් කලට කම්පනයට ලක්කලේද යන්න ගැටලුවකි.

ලංකාවේ පමනක් නොව ලෝකය පුරා දිනට දහස් ගනනක් ළමා ඝාතන සිදුවන බව නොරහසකි .කොපමන ළමා සංවිධාන හා නීති රීති තිබුනද කුමන හෝ අභාග්‍යක් මත තවමත් ලොවපුරා මෙවන් අපරාධ සිදුවෙමින් පවතී. එලඹෙන පෙබරවාරී 12 වනදා වන විට ලෝකයම කම්පනය කල එවන් ඝාතනයක් සිදුව වසර 29 ක් සම්පුුර්ණ වන දිනයකි. ඒ ජේමිස් බුල්ජර් ගේ ඝාතනයයි මේ ඝාතනය පසුපස ඇති සුවිශේෂී බව නිසාම එය ඉතා ඉක්මනින් ලෝකය පුරා ප්‍රසිද්ධ විය.



ජේමිස් පැට්‍රික් බුල්ජර් උපත ලබන්නේ 1990 මාර්තු 16 වන දින එංගලන්තයේ Kirkby ප්‍රදේශයේය .ඉන් දෙවසරක ඇවෑමෙන් දිනෙක Denis Fergus සිය දෙහැවිරිදි දරුවා වු ජේමිස් බුල්ජර් සමග Bootle හී නිවු ස්ට්‍රෑන්ඩ් සුපිරි වෙලදසල වෙත පිය නගන්නේ සිය නිවසට අවශ්‍ය කලමනා කිහිපයක් මිලට ගැනීමේ අදහසින්ය .මෙවන් වයසේ අනික් දරුවන් මෙන්  ඉතා ප්‍රියාමනාප මෙන්ම කඩිසර දරුවකු වු බුල්ජර්ට සිය මවගෙන් තරමක් ඈත්වීමට අත අත් හැරීම උවද ප්‍රමානවත් විය.

ඇය සාප්පු සංකීර්ණය තුල කලමනා මිලට ගන්නා විට තවත් වයස අවරුදු 10 ක පමන කුඩා දරුවන් දෙදෙනක් ඔහු සමග ඉතා කුලුපග විය. දවසක් පුරා ජේමිස්ගේ වැඩ සමග පොරබදන ඇගේ මවට මේ සුලු මොහොතද ඉතා පහසුවක් වුන නමුදු ඉන් පසුව ගතවු මිනිත්තු කිහිපය තුල ඒ ජේමිස් සමග අනිත් දරුවන්ද එතැන සිටියේ නැත.

මදක් කලබල වු ජේමිස් ගේ මව ඩෙනිස් ෆර්ග්ස් මහත්මිය ජේමින් අවට සිටීදැයි විපරම් කර බැලීය. එහෙත් ගතවු සුලු කාලය තුල නිවැරදිව පාරක් සොයාගෙන සාප්පු සංකීර්ණයෙන් පිටවීමට තරම් හැකියාවක් ඩෙනිස්ට නැතිබව තේරුම්ගත් ඇය අනෙක් අයගේ උපකාර ඇතුව ඔහු සාප්පු සංකීර්ණය පුරා සෙවු නමුදු ඔහු හමුවුනේ නැත. ඉන්පසුව තිබු එකම විකල්පය වුයේ ආයතනයේ CCTV කැමරා පද්ධතිය පරික්ෂා කිරීමයි. ඩෙනිස්ට දරුවා මගහැරනු මොහොත ලෙස සටහන්ව ඇත්තේ ඇය වෙලදසැලේ සත්ව ආහාර අලෙවිකරන තැනදී ගතකල මිනිත්තු කිහිපයයි. එනම් වෙලාව පස්වරු 3.40 කාලයයි. ඔවුනට ඔත්තුවක් ලෙස හමුවු ප්‍රථම සාධකය එහිදි හමුවිය. ඒ එදින පස්වරු 3.42 ට යම් කිසි කෙනෙක් බුල්ජර්ව දෑතින් රැගෙන සාප්පු සංකීර්ණයන් පිටවන දර්ශනයක් CCTV කැමරා පද්ධතියේ සටහන්ව තිබීමයි.

නිවු ස්ට්‍රෑන්ඩ් වෙලදසැලේ CCTV කැමරාපද්ධතියෙන් හමුවු පලමු සාක්ශිය

ජේමිස් බුල්ජර් හමුවෙයි

ඉනික්බිති එලඹුන දින දෙකකට පසුව එනම් 1993 පෙබරිවාරි 14 වන දින ජේමිස් බුල්ජර්ගේ ප්‍රාණය නිරුද්ධ මල සිරුර ඔහු අතුරුදන් වු ස්ථානයට කිලෝමීටර 2.5 ක් දුරින් පිහිටි liverpool හී දුම්රිය මාර්ගයක් අසලදී හමුවිය.. බුල්ජර් ගේ වමි ඇසට තීන්ත ප්‍රහාරයක් එල්ලකර තිබුන අතර සිරුර හමුවන විටත් මුව තුල තිබී කුඩා බැටරි කැබලි කිහිපයක් හමුවිය. ගල් කැබලි  වලින් සහ පොලු වලින් පහර දී ඉන්පසු කිලෝ 10 ක් පමන බරැති යකඩ කුට්ටියක් හිසමත පතිත කිරීමෙන් ඝාතනය කර තිබෙන බවට වෛද්‍ය පරීක්ශන වලින් තහවුරු විය.

කඩිනමින් පොලිස් පරික්ශන අැරඹීය. නිලධාරින්ගේ සැකය මුලික වශයෙන් CCTV කැමරා පද්ධතියේ සටහන් වු පුද්ගලයා වෙත යෙමුවු අතර ඔවුන්ගේ මතය වුයේ ඒ අවුරුදු 18 පමන වයස් කාන්ඩයේ අයෙක් විය හැකි බවයි .

මේ අනුව වයස අවුරුද 18 ත් 13ත් අතර කාන්ඩයේ සැක කටයුතු පුද්ගලයින් කිහිපදෙනක්ගෙන් ප්‍රශ්නකරන ලද අතරම ඔවුන්ගෙන් මෙම අපරාධය පිලිබද නිසි තොරතුරක් ලබාගත නොහැකි විය. මරා දැමුනු බුල්ජර් පිලිබද පුවත විදුලි වේගයෙන් ප්‍රසිද්ධවීමත් සමග නිල් පැහැති තීන්ත ගෑවුන ඇදුමක් හැද සිටි ළමයින් දෙදෙනකු තමන් දුටු බව එක් කාන්තාවක් කියා සිටියා. කිසිවෙකු නොසිතූලෙසින් දස වියැති ජෝන් වෙනබල් සහ රොබට් තොම්සන් කෙරේ අවධානය යෙමුවුනේ ඉන්පසුවයි .සුපිරි වෙලදසැලේ සිට ජේමිස් බුල්ජර් මරා දැමුනු තැන දක්වා ගමන් කල දුරේදි 38 දෙනෙකු ඔවුන් දැක තිබු අතර බොහෝ දෙනෙකු විශ්වාස කර තිබුනේ ඔවුන් සහෝදරයන් වන්නට ඇතැයි තමන් සිතූ බවයි. පොලිස් ඇස ඔවුනට යොමුවත්ම කිසිවෙකු එය විශ්වාස නොකලේ එය විය නොහැක්කක් බව සියලුදෙනාගේම මතවු බැවිනි. එත් රස පරීක්ශනයේදී බුල්ජර් ගේ ඇස් වල තිබු තීන්ත සහ සැකකාර ළමයින්ගේ ඇදුම් වල තිබු තීන්ත එකම වර්ගයක් බව සනාත වුනා පමනක් නොව ඉන් පසුව පැවැත්වුන DNA පරීක්ශනයේදි අපරාධකරුවන් තොම්සන් සහ වෙනබල් බව සැකයෙන් තොරව ඔප්පුවිය. 



නිතී ක්‍රියාමාර්ග වලින් වසර 8ක් පුරා ඔවුන් දෙදෙනා විශේෂ භාරකාරත්වයක් යටතේ තබන ලද අතර 2001 වර්ශයේදී වෙනත් අනන්‍යතාවක් යටතේ නිදහස් කරන ලදී. මෙය මෑත  ඉතිහාසය තුල බ්‍රිතාන්‍ය සමාජය වඩාත් කම්පනයට පත්කල සිදුවීමක් වුවා පමනක් නොව එරට නීති ශේත්‍රයේදී දැඩි ආන්දෝලනයක් ඇති කීරීමට සමත් වුයේ ඉන් පෙර බ්‍රිතාන්‍ය නීති ශේත්‍රය තුලට මෙවැනි අත්දැකීමක් නොතිබූ බැවිනි.


ලංකාවේ මුල් බැසගත් නාශකවාදය හෙවත් වැන්ඩලිසම් - Story About Vandalism

නාශකවාදය නැතිනම් වැන්ඩලිසම් වැනි තරමක් බරසාර වචන නැතත්  නිකරුනේ විනාසකරනවා එහෙමත් නැත්නම් කාබාසිනියාකරනවා වැනි වචන ලාංකිය අපිට අමුතු වචන පමනක් නොව අමතු අත්දැකීම්ද නොවන බව සත්‍යක් .ලංකාවේ සියලු ස්ථරයන්ගේ පහල සිට ඉහලම මට්ටම දක්වාම මේ විනාශකිරීම කියන කාරනය සිද්ධවෙනවා. නාශකවාදය නැතිනම් වැන්ඩලිසම් (Vandalism) කියන තැනට යාමට පෙරාතුව අප විනාශකරනවා කියන අර්ථය තරමක් පැහැදිලිකරගත යුතුයි. 

අපි මෙවන් සරල උදාහරණයකින් උදාහරණයකින් ප්‍රවේශයක් ගනිමු. සමහර අවස්ථාවල අපි නිවසේ එදිනෙදා එකතුවන ආහාර අපදුව්‍ය සහ කොලරොඩු වැනි ප්‍රයෝජ්‍යතාවකින් තොර වස්තුන් විනාශනට පත්කරන අවස්තා එමට ඇත. එවන් දෑ විනාශයට පත්කිරීම පිටුපස තවත් ප්‍රයෝජ්‍යතාවක් තිබේ. එනම් ඉන් නිවස ප්‍රියමනාප තැනක් බවට පත්වේ. එමෙන්ම නිවසතුල ඇති පරණ ක්‍රියාවිරහිත යන්ත්‍ර සුත්‍ර විදුලි උපකරන වැනි දෑ ද ඉන් අපට ප්‍රයෝජ්‍යතාවයක් නොමැතිනම් අකමැත්තෙන් හෝ නිවසේ ඉඩපහසු සකසා ගැනීමේ උවමනාව මත විනාශයට පත්කරන අවස්තා ඇත .

බොහෝවිට අපි ඒවා කඩාබිද වලදමයි නැතිනම් පුලුස්සා දමා විනාශයට පත්කරයි. එවන් සෑම අවස්තාවක් පසුපසම ඇත්තේ තවත් ප්‍රයෝජනයක් ලබාගැනීමේ අරමුනකි. එය එවන් සාධාරණ අරමුනකින් උවද අපි අන්සතු දේ අවසරයකින් තොරව විනාශ කිරීමට පෙලඹුනහොත් බොහෝදුරට එය Vandalism නැතහොත් නාශනය කිරීමක් ලෙස දැක්විය හැකිය. පසුගිය සමය තුල නාශකවාදය ඉතා ඉහලින් ලංකාවේ ක්‍රියාත්මකවිය .පල්ලි සහ බුදුපිලිම කැඩීම බිත්තරගැසීම රක්ශිතවලට ගිනි තැබීම සහ අන්ජාතීන්ගේ දේපල විනාශකිරීමද මෙයට අයත්වන අතරය කිසිදු බේධයිකින් තොරව මේ නාශකවාදය සෑම සමාජයක් තුලම ක්‍රියාත්මක වේ .

J.R ජයවර්ධනට එරෙහිව එකල සිවිල් සන්නද්ධ කන්ඩායමි වල මතවාදී නාශකවාදය

Wikipedia සටහන් වලට අනුව නාශකවාදය හෙවත් (Vandalism) නැත්තම් කාබාසිනියාකරණය යන්නෙහි අර්ථය රජය සතු හෝ අන්‍යපුද්ගලයන් සතු පෞද්ගලික වස්තුන් වලට අනවසරයෙන් හෝ රහසිගතව හානිපැමිණවීමය. ලංකාවේ බොහෝ අවස්තාවලදී අපට මෙයට අත්දෑකීමි තිබේ .පාසල් වැසිකිලි බිත්ති වල කුනුහරුප ලිවීම සිට නිවෙස්වල මල්පොච්චි පොලවෙ ගසා යාම සහ රාජ්‍ය දේපල ගිනි තැබීම දක්වා අපරාධ නාශකවාදයට අයත්වන අතරම එය නීතියෙන් අපරාධයකි. මෙහිීදී සැලකිය යුතු විශේෂම කාරණය වන්නේ එසේ විනාශකිරීමට බලපාන මනෝවිද්‍යාත්මක පැතිකඩ සහ නාශකවාදයේ භායානකම ඉදිරි ස්වරෑපය වන සයිබර් නාශකවාදයයි. අන්තර්ජාලය හා විද්‍යුත් මාධ්‍ය ජනප්‍රියවීමත් සමගම භෞතික ද්‍රව්‍ය විනාශ කිරීමේ නාශකවාදය පරිගණක දත්ත දක්වාද පුද්ගල චරිත දක්වාද පුලුල් වී තිබේ.

බොහෝවිට පුද්ගලයන් නාශකවාදයට පෙලබෙන්නෙ මනෝවිද්‍යාත්මක සාධකයන් මතයි. එනම් වෛරය ඊර්ශ්‍යාව හෝ යමිකිසි වින්දයක් ලැබීමේ අරමුන මතයි .බීමත් මිනිසුන් නිවෙස්වල ඇති සහ අන්‍යන්ගේ දේපල විනාශකිරීමට පෙලබෙන්නෙ බීමත්බව තුලින් මතුවන අසමබරතාව සහ එම පුද්ගලයින්ගේ මනස තුල ක්‍රියාත්මකවන තරහ හෝ ඊර්ශ්‍යාව වැනි මනෝභාවයන් මතයි. එයට අමතරව පුද්ගල මතවාදයන් උඩද නාශකවාදය ක්‍රියාත්මකවේ.විශේෂයෙන් නවයොවුන්වියේ පිරිමි දරුවන් අතර ඔවුන් පසුකරන හෝමෝන විපර්යාස සමය තුල ඇතිවන මානසික පෙරලියන් මත ඉතා බහුල වශයෙන් මේ නාශකවාදී තත්වයන්ට පෙලඹීම දැකිය හැකිය. පාසල් තුල ඉතා සුලබ ලෙස දැකිය හැකි දේපල විනාශකිරීමට මේ තත්වය බලපායි. දේශපාලනික නාශකවාදය ලංකාවේ ඉතා සුලබ ලෙස දැකිය හැකිය .ප්‍රතිවාදීයාගේ පෝස්ටර් කටවුටි විනාශකිරීම ,ගිනිතැබීම, නිවාස කුඩුකිරීම වැනි දෑ දේවේශසහගත නාශකවාදයටද ඇතුලත් කල හැකිය.

පසුගිය 88-89 කාලය පුරා ජවිපේ සහ ආන්ඩුව අතර ඇතිවු ගැටුමේදී අරගලකරුවන් සිය මතය හා විරෝධය දැක්වීමට භාවිත කලේ Ideology Vandalism හෙවත් මතවාදි නාශකවාදය යන ස්වරෑපයයි .මෙහිදී ආන්ඩුවේ දේපල මත ඔවුන්ගේ සටන්පාඨ සහ විරෝධතා දැක්වුන අතර දේපල විනාශයෙන් අන්ඩුවට බලපෑම් එල්ලකරන ලදී. නාශකවාදයේ තවත් ස්වරූපයක් වන්නේ Vindictive vandalism හෙවත් පලිගැනීමේ චේතනාවෙන් කරන විනාශකාරී තත්වයන්ය. පවුල් ආරවුල් මත ගෙවල් ගිනිතැබීම් මල්පෝච්චි කුඩුකිරීම බිත්තිමත අසභ්‍ය වදන් ලියා යාම වැනි දේ අයත් වන්නේ මේ ගනයටයි..

වසර 150 ක් පැරණි ලාංකීය තේ දල්ලේ කතාව - Story Of Tea Making Of Sri Lanka

තේ දලු නෙලන්නන්ගේ දිනක වැටුප රුපියල් 1000ක් බවට පත්කර ගැනීමේ සටන මේ දිනවල ඇවීලි යන නමදු එයට කුමන ආකාරයක ප්‍රතිචාරයක් රජයෙන් හෝ තේවතු  හිමියන්ගේ ලැබේදැයි කිව නොහැකිය .මේ තේදලු නෙලන මිනිසුන් පුරා සියවසකුත් අඩක් පමන කාලයක් පුරා පරම්පරාවෙන් පරම්පරාවට කඹුරා ලංකාව ලෝක තේ අපනයනකරුවන් අතර ප්‍රමුඛස්ථානයක් කරා ගෙන යාමට ලේ හඩිය හැලූ නමුදු කුමන හෝ අවාසනාවක් මත ලාංකීය සිංහල බෞද්ධ සංස්කෘතියක් මත හැදී වැඩුනා යැයි පුරසාරම් දොඩවන මහා කරුණාබර හදවතින් යුතු කිසිවෙකුගේ  අවධානයට යොමු නොවු පීඩිත මිනිසුන් පිරිසක් ලෙස ඔහුන්ට ජීවත්වීමට සිදුව ඇත .

ඔවුන්ගේ ජීවිතය වනාහී ලයින් කාමරයේ ඉපදී එහිම ඇටකටු බවට පත්වීම බව දැන දැන කිසිවකුත් ඔවුන් කෙරේ හඩක් නගන්නේ නැත .සරලව කිවහොත් කාලෙන් කාලෙට මතුවන දමිල තේ කම්කරුවන්ගේ ගැලවුම්කරුවන් උන්ගේ කරමතින්ම ගොඩයාමත් ඔවුන් සදාකාලීකවම මේ අපා ජීවිතය තුල සිරවී සිටීමේ ප්‍රීතිය භුක්ති විදින්නන්ගේත් ගනන විශාල සංඛාවකි.

මෙහි දැක්වෙන්නේ BBC ලෝක පුවත් සේවය හරහා 2018-04-10 වන දින The 150 years old story of sri lankan tea making  යන ශිර්ෂයෙන් යුතුව Schmoo theune විසින් ඉදිරිපත් කරන ලද ඡායාරූප වාර්ථාවක සිංහල පරිවර්තනයකි.ඇගේ මේ වාර්ථාව සැබැවින්ම තේ කම්කරුවන් ගැන නොව සුප්‍රකට ලාංකීය තේ නිශ්පාධනය ගැන උවද ඉන් වැඩි කොටසක් මේ කම්කරුවන් ගැනද සටහන් කිරීමට ඇය අමතක කර නැත.  Schmoo theune කොරියානු සම්භවයක් සහිත එක්සත් ජනපදයේ ජීවත්වන්නියක් වන  අතරම ඇය දැනට බර්ලිනයේ සිට විවිධ හේතුන් මත වෙනත් රටවලට සංක්‍රමනය වුවන් පිලිබද ගවේශනයේ යෙදෙන ව්‍යාපාතියක යෙදෙමින් සිටී.


සමස්ත ශ්‍රිලංකාවේ ජන ප්‍රතිශතයෙන් 5% පමන පිරිසක් එරටට ඩොලර් බිලියන ගනනින් ආදායම් උපදවා දෙන තේ සැකසුම් ආශ්‍රිත නිශ්පාධන සදහා අවශ්‍ය දලු නෙලීමේ කාර්‍යන් සදහා කදු බෑවුම් වල වැඩෙහි යෙදෙමින් සිටි. මෙහි දැක්වෙන්නේ 1867 සිට ලංකිකයන්ගේ ජීවිත නගා සිටුවීම සදහා  තේ නිශ්පාදයේ දාකත්වය පිලිබද වාර්තා ඡායාරූප ශිල්පිනී Schmoo theune විසින් පලකරන ලද ඡායාරූප පෙලකි.


මේ තේවතු යායවල් පිහිටා ඇත්තේ මේවායේ වැඩ කරන කම්කරුවන් උදෙසා වතු හිමියන් හෝ සමාගම් හිමියන් විසින් තනා දී ඇති බැරැක්ක හැඩැති කුඩා නිවස්න පෙලකට ඉහලින්ය. සෑම දින 7ත් 14 ත් අතර කාලපරිච්චේයක් තුල කොල මේරීමට පෙර දලු නෙලිය යුතු වන අතර දිනෙන් දින ස්ථානය මාරුකරමින් තැනින් තැනට දලු නෙලීම සදහා මේ කම්කරුවන් ගමන් කල යුතුය.

කතෘ සටහන් -01 ( මයේ අම්මේ යමු යංඩ නොහොත් නාගොල්ලාගොඩ කවියාගේ ආත්මය) - Poems From Dramasiri Benadic

මා කෙටි කතා නවකතා සහා ශාස්ත්‍රිය ග්‍රන්ථ කියැවීමට හුරුවී සිටිය අතර කිනම් හෝ ස්ථානයකදී මට කවිය අත්හැරී  තිබුනි .ඇතැමි විට මම බොහෝ ආශ කරන ලද්දේ නවකතා ඔස්සේ දීර්ඝ මනෝ සංචාරයන් හී යෙදීමට හෝ ජීවින අත්දෑකිමක් අන් මිනිසෙකුගේ කෝණයෙන් කියන කෙටි කතාවන් කියවීමටය. ඒ හැරුණ කොට සමාජ විද්‍යාව සහ දේශපාලනයට සම්බන්ධ ශාස්ත්‍රීය ග්‍රන්ථ වලටද ඇලුම් කල නමුදු කවිය මා වෙත සමීප වීමට ප්‍රමාද වුයේ ඇයි දැයි නොදනිමි .බොහෝ අවස්ථාවල අන්තර්ජාලය සහ මුහුණු පොත භාවිතයේදී මට දක්නට ලැබුන කවි නිර්මාණ හුදෙක් මා විසින් මුසික රෝදය කරකවා මගහැර ගිය අවස්තා අපමනය. නමුත් එක් කලෙක මගේ සිතේ සටහන් වු කවි (ප්‍රබේධයක්) ගැන සිතේ සටහනක් ඉතුරුව තිබුනි.

ඒ අන් කිසිවක් නොව ජීවිතය හා පීඩිත බව ගැන කවි නේද යැයි මට සිතුනි .මේ පිලිබද සිතේ රැදුන මතක කිහිපයකි. එක් අවස්තාවක මා කියවපු කවියක් නමි බුන්දි වෙලෙන්දෙක් සමග පැන නංගී ගැන අයියා කියන කතාවයි (මට එහි පද මතක නැත). අනික නම් 9 වසර සිංහල පොතේ මා කියවු නන්දන වීරසිංහ කවියාගේ ''දුම්මල ගලට ගිය අම්මා" කවි පන්තියයි .එය මා ඉතා සසල කල කවි පෙලකි .අනික නම් මා ඉතා ගරුකරන මා හදවත පතුලටම කා වැදුන චන්ද්‍ර කුමාර වික්‍රමරත්න නම් වු විප්ලවවාදි සිතුම් වියන්නාගේ "අම්මා සහ යාපනය කවි පන්තියයි''.


මෑත යුගයේදී සිංහල ජාතිවාදය විසින් JDS හෙවත් ශ්‍රීලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍යවේදීයෝ නම් ගැරහුම් ලත් සංවිධානයේ නිල සිංහල වෙබ් අඩවියේ අවකාශ තීරුවේ තිබු බොහෝ කවි නිර්මාන මගේ සිත්ගත්තේය. එහි වු අජිත් සී හේරත් විසින් රචිත පෙරලු නැවුම් පස කවිය මා ඉතා කම්පනයකට ලක්කලේය.



ඉන් පසු මා දිගින් දිගටම ඒ වේදනාත්මක ස්වරයම පසුපස යන්න පටන් ගත් විට මට නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික් හමුවිය.ඊට පෙර කිසි දිනෙක මම ඔහු ගැන දැන නොතිබුන නමුත් මා සෙවු චන්දරේගේ ඡායාවක් ඔහු මත වැටි තිබෙන බව මම ඉවෙන් මෙන් තේරුම් ගත්තෙමි.

ධර්මසිරි බෙනඩික් කම්කරුවෙකි,බොහිමියානු ජීවිතයක් ගත කරන්නෙකි ,හාඩ්වෙයාර් එකක අත් උදවු කරුවෙකි, කලෙක යුක්තිය උදෙසා හඩනැගුවන් අතර වදකාගාර බන්ධනයන්ට ලක්වුවෙකි මා සොයාගත් කරුනු අනුව බෙනා යනු ජීවීත අඝාදයේ පතුල ඇල්ලු මිනිසෙකි .ඔහුම කියන ආකාරයට කවි ලෝකයේ හිගන්නා ඔහුය. ඔහු සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහය ඉිදිරිපත්කරන්නෙ හිතවතුන්ගෙන් රැස්කරගත් අරමුදල් වලිනි .

අපි පතන සතුටු පවුලක් කිසිදා නොදුටු  බඩගින්න සහ අනෙකාගේ වේදනාව ඉගෙනගත් මිනිසෙකි .මා දන්නා චන්ද්‍රකුමාර වික්‍රමරත්නගේ පංතියේම මිනිසෙකි. '' මයේ අම්මේ යමු යංඩ'' කවි පොත මිලට ගන්නේ අඩුම තරමේ පිටුවක් හෝ පෙරලා බැලිය නොහැකි අන්තර්ජාල වෙබ් අඩවියක් හරහාය . හොද නිර්මානයක සුවද මට ඉබේ දැනේන්නාක් මෙන් මා මීට පෙරද අන්තර්ජාලය ඔස්සේ මිලට ගත් සෑම පොතක්ම පාහේ මගේ සිත්ගත්තේය.

නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්ගේ මයෙ අම්මේ යමු යන්ඩ කවි පොත සිතු ලෙසම මා කැමතිම ආකාරයේ මගේ සිතුවිලි වල විප්ලවවාදී බවත් මානව දයාවත් කලම්බනය කල හැකි ආකාරයේත් නිර්මාන ගනනාවකින්ම සමන්විත විය.මේ අතර "කුලියාපිටිය අදාහානාගාරයේදී,ඔයා දැන් කුණුවෙලා ඇති,මං නන්දිකඩාල් කලපුවෙන් ඇටකෝටුවක් ඇහදින්දා,මහ අමුතු කවියක්,අම්මේ දැන් නිදාගත්ත ඇති" වැනි මගේ සිත තදින් පැහැරගත් නිර්මාණ රාශියකි.නාගොල්ලාගොඩ කවියා ඉදිරිපත් කර තිබෙන මේ සෑම කවක්ම පිඩිතබවේ ප්‍රතිමුර්තියක් වැන්න.



යුක්තිය සහ අයිතිය උදෙසා සටන් වැද මියගිය තරුණ ආරක්ශකයෝ-(young Guards)

සිරිනි මල් පිපුනේය. සුදු පැහැ මල් පොකුරු විවෘත කුවුලුව තුලින් මගේ කුටියට එබිකම් කරන්නට විය .1926 ජුනි 08 වැනිදා ඒ මිහිරි මතකය. චෙර්නිගොව්ශිනාවේ ප්‍රීලුකීහි දී මා සිතෙහි  සිත්තම් විය. ඒ සොදුරු දිනයේ මට පුතෙක් උපන්නේය
                                                                                            -  යෙලේනා කොෂව්යා

තම ලෙයින් බිහිවුන දරුවා උපන් හැටි මාතෘ සෙනෙහසින් කිරිබිවු හැටි, දන ගාපු හැටි, හැදුන වැඩුන හැටි, සහ අවසානයේ තමන්ටත් පෙර තම දරුවගේ මල සිරුර සමුහ මිනී වලකින් ගොඩගත් හැටි සියලු වේදනාකාරී මතකයන් පොතක ලියන්නට සිදුවීම කොයිතරම් ඛේදජනක සිදුවීමක්ද. එවන් මවුවරු දසදහස් ගනනක් තවමත් මේ ලංකාවේ පොලව මතද ජීවත්ව සිටින අතරම ඇතමෙක් සියලු වේදනාවන් එලෙසින්ම හැදවතේ කැටිකරගෙන පොලවට පස් වී ගොසින්ය.

යෙලේනා කොෂෙවයා ලේඛිකාවක් නොව උදාර පුත්‍රයෙකු ලෝකයට දායාද කල ශේෂ්ඨ මවකි. හිට්ලර්ගේ පැසිස්ට් හමුදාව රුසියාව ආක්‍රමනයට එරෙහිව ඇගේ පුත් ඔලේග් කොශේහවු,ඉවාන් තුර්කෙනිච් ඇතුලු කිහිප දෙනෙකුගේ මූලිකත්වයෙන් කොම්සොමෝල් සංවිධානයේ යටිබිම්ගත දේශප්‍රේමී සංවිධානය නොහොත් ''තරුණ ආරක්ශකයා'' පිහිටුවාගනී .එය  අවසාන වශයෙන් හිට්ලර්ගේ රුදුරු පැසිස්ට් ආක්‍රමනයට එරෙහි පුලුල් දේශප්‍රේමී රහස් සන්නද්ධ ව්‍යාපාරයක් වන අතර එය ඉතා සීග්‍රයෙන් වර්ධනයවී හිට්ලර් ගේ නාසි හමුදාවට දරුනු පරාජයන් අත්කර දීමට සමත් වන්නක්. නමුත් සුපුරුදු පරිදි පාවා දෙන්නන් හා බත්බැලයන්ගේ අනුහසින් මෙම තරුණ සංවිධානයේ සාමාජිකයන් අති විශාල ප්‍රමානයක් දරුනු වද බන්ධනයන් විද සමුල ඝාතනය වෙනවා දිවි ගලවා ගන්නේ ඉතාම අතලොස්සක් පමනි අවසානයේ යෙලේනා ඇතුලු මවුවරු සිය ගනනකට සිය දරුවන් දැකගන්නට ලැබුනේ කැලෑවක් තුලින් මතුකර ගත් සමූහ මිනීවලක් තුලිනි.

ඔලේග් කොශෝහව්, සර්ජි තියුලෙනින් ,වැලරියා බෝට්ස් ,ඉවාන් තුර්කෙනිචි ඇතුලු නව යොවුන් කන්ඩායම මේ සංවීධානය බිහිකරන විට ඔවුන්ට වයස අවුරුදු 18 වත් නොතිබෙන්නට ඇති මන්දයත් ඔලේග් කොෂොහව් මරා දමන විටම ඔහුගේ වයස අවුරුදු 17.කිසැම විටම විරුවන් බවට පත්වන්නේ යුක්තියක් හෝ සාධාරණයක් උදෙසා සටන්කල මිනිසුන් පමනකි .අපේ මේ බිමද ලෙයින් පෙගුන බිමක්ය. නාදුනන්නන් එකට පොලව වට වැතිර සිටින බිමකි. නිසැක වශයෙන්ම මේ කියවන විට ඔබට 88-89  යුගය මේ සත්‍ය කතාව සමග එලෙසින්ම සමපාත වන බව පසක් වනු ඇත .කුමන රාජ්‍යක හෝ වේවා සාධාරණය උදෙසා කල සටන්වලදී සැමවිටම මියගියේ වේදනාවන් උරුමකර ගනිමින්ය.යෙලේනා කොශෝව්යා මේ ලියා ඇත්තේ යුක්තිය උදෙසා සටන් වැද මියගිය දරුවන්ගේ සිටින සෑම මවකගේම කතාවයි.

යෙලේනා කොෂෙව්යා මෙසේ කියයි

ඔබ වෙනුවෙන් සටන් වැදි ඔබේ පියවරු සහ සොහොයුරන්
වැගුරු රුධිර ගංගා සිහිපත් කරන්න
ඒවාට ආදරය කරන්න
නුඹ උපන් මාතෘ භුමියට

සන්සකු ඔශින්ට කියාදුන් ජීවන දර්ශනය (Sansaku's View Of Life)

සමස්ථ කතා මාලාව පුරාම ඔශින්ගේ දුක් ගැහැට පිරි ජීවිතයට මියෙන තෙක්ම ජීවයක් සේ පණ ලබා දුන්නේද රුසියන් ජපන් යුධ්ධයෙන් තුවාල වී පැමින සැගව සිටි සන්සකු නම් හමුදා සෙබලා ජීවිතය ගැනත් යුද්ධය ගැනත් ඔහු සමග ඇය කුඩාකල ගතකල ඒ කාලය තුල ඔහුවිසින් ඇයට කියා දුන් මෙම ජීවන දර්ශනයයි.එය තුල මුලු කතාමාලාවේම සාරය බව මගේ අදහසයි
- Viraj Weerakkodi

ඔෂින්, ඔයාට ජීවත්වෙන්න බොහෝ අවුරුදු තියනවා ඒ අතරවාරේ දුක්සහිත කාලවල් ඇතිවෙන්න පුළුවන් නුරුස්සන අය හමුවේවි ඒත්, ඔවුන්ට වෛර බඳින්න එපා දුක්දෙන්න එපා අනුන්ට ඔයා ක්‍රෝධ කලොත් යමෙකුට පසුතැවිලි වෙයි ඔයාම දුක්වෙයි අවසානයේදී. යමෙකුට රිද්දෙව්වොත් තමන්ටමයි රිදවෙන්නෙ දුක්වෙන්න වෙන්නෙ තමන්ටමයි. කරපු හැම දේ ආපසු එයි. මේ අහන්න ඔෂින් , කෙනෙකුට වෛර කරන්න රිදවන්න හිතුවොත් පොඩ්ඩක් හිතන්න ඒ අයගෙ පැත්තෙන් ඔයා වෛර බඳින්න ඉස්සෙල්ල මොකද ඔයාට දුක් දෙන්නෙ කියල ඔයාගෙ හිතෙන්ම අහන්න කරුණක් තියෙනව ඇති. මොනවහරි තිබුණොත්,එතකොට පරිස්සම් වෙන්න නැත්නම්, කරුණක් ඒ විඳියට වෙන්න එයා ඔබේ හිත රිද්දනවනම්. දොස් නඟන්න එපා අනුකම්පා කරන්න

මොසුල් නුවර සිිට ලියමි - A Letter From Mosul


ඇන්ජලීනා ජොලී
එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිලිබද නියෝජිත
2018/06/19

දෙවන ලෝක යුද්ධයෙන් පසු නගරයක් කේන්ද්‍රකරගනිමින් සිදුවු විශාලතම යුද්ධය නම් ඉරාකයේ මොසුල් නුවර ISIS ග්‍රහනයෙන් මුදාගැනීම සදහා දියත් කල දැවැන්ත මෙහෙයුමයි. සිවිල් වැසියන් දහස් ගනනින් මියැදුන අතරම ඉරාකයේ මහා නගර එකම සුන්බුන් ගොඩක් බවට පත්වී තිබුනි. මේ මොසුල් නුවර නැගෙනහිර කොටස දැන් යථාතත්වයට ක්‍රමයෙන් පත්වෙමින් පවතින අතර බටහිර කොටස යුද්ධයෙන් වසරකට පසුත් තවමත් සුන්බුන් මත්තේය. පසුගිය දශකයක් පුරාවට මැදපෙරදිග සහ ඇෆ්ගනිස්තානයේදි මා ලැබූ අත්දැකීම් අනුව මා උගත් දේ අනුව නම් යුධමය ජයග්‍රහනයක් නැවත එම ප්‍රදේශවල ස්ථාවරත්වයක් ඇති කිරීම උදෙසා ප්‍රමානවත් නොවේ. මන්ද එයද අවසානයේ  එක් ආකාරයක ප්‍රචන්ඩත්වක් පමනක් බවට පත්වන නිසාය.

මේ විනාශයට මුල පිරූ ප්‍රචන්ඩකාරී අන්තවාදින් රැල නැවත මෙහි පැමිනීම වැලැක්වීමට කටයුතු සැලසීම මෙහි ඇති වැගත්ම කාරනය ලෙස සලකනවා මෙන්ම මේ නගරය නැවත ගොඩනැගීම සාමය ස්ථාපිත කිරීම හා  එහි වු ඓතිහාසික හා සංස්කෘතික වටිනාකම් නැවත ගොඩනැංවීමටද ප්‍රමුඛතාවක් දිය යුුතුමය .බොහෝදෙනෙක් සිතන පරිදි මේ බටහිර මොසුල් නුවර මේ වනවිට ගොඩනැගිලි ඉදිකිරීම් යන්ත්‍ර, සැලසුමි ශිල්පීන් ,ඉංජිනේරුවන්, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන වල නියෝජිතයන්, පුරාවිද්‍යා ගවේශකයන් හා කාර්මික ශිල්පීන් හා එකතුව බිදවැටනු මේ නගරය ගොඩනැංවීමට සැලසුම් සකසමින් සිටින්නේය යන්න සත්‍යක් නොවේ .වසරකට පසුත් තවමත් මේ නුවර අත්හැර දැමු විනාශයට පත් එකම සුන්බුන් ගොඩකි

තවමත් මෙහි ඇත්තේ මෝටාර් සහ වෙඩි උන්ඩ වලින් සිදුරු සැදුනු බිත්තිය. මංමාවත් ඉතාම පාලු නිහඩ බවකින් පිරි ඇත .මෙහි ජිවත් වු  ලක්ශ ගනනක් වු දිවිගලවා ගත්තුවුන් නැවත තම විනාශයට පත්වු මුල් බිම් හෝ නිවාස වලට ගොස් කලහැකි දෙයක් නෙැමති කමින් විශ්වවිද්‍යාල භූමි හෝ වෙනත් ජනතාව ගැවසෙන ස්තාන වල තාවකාලිකව ලැගුම් ගෙන සිටින අතරම මියගිය මලසිරුරු සිය ගනනින් තවමත් මේ ගොඩනැගිලි අතර සිරවී විසිරි පවති.මහාමාර්ග ගමනාගමනයට කිසිසේත්ම සුදුසු නොවන තරම්ය. අතලොස්සක් පමන වු මුල් පදිංචිකරුවන්ගෙන් පිරිසක් පමනක් නැවත පැමින සිය දෑත් වලින් කඩා වැටුන ඔවුන්ගේ ජීවිත නැවත ගොඩනැගීමට උත්සහ දරන්නේ යුද්ධයේදී ඉතිරිවු පුපුරානොගිය බෝම්බ වලින් සිය ජිවිතය අවසන්වීමේ අවධානමද අතැතිවයි. පසුගිය සතියේ සිදුවු එවන් පිපිරීමකින් ජීවිත කිහිපයක් අහිමිව 27 දෙනකුට තුවාල සිදුවිය.

මෙහි බරපතලම ඛේදවාචකය නම් ගොඩනැගිලි කඩා වැටීම නොව මෙහි ජිවත්වු මිනිසුන්ගේ හදවත්වල සිදුවු සංවේගජනක බිදවැටීමය. යුද්ධයෙන් අවතැන්වු පදිංචිකරුවන්ට ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් උපයාගත් දෑ ලියකියවිලි මෙන්ම ඔවුන්ගේ අනන්‍යතාවය පවා නැතිවී ගොසින්ය .වෙනස් ආගමික මත දැරූවද එකට ජිවත් වු මිනිසුන් දැන් බෙදි ගොසින්ය.මා සමග කතාබහ කල එක් මිනිසෙක් හමුදා බලඇනි විසින් තමන්ට පහර දුන් අකාරය ගැන පැහැදිලි කලේ කදුලු පිරි දෙනෙතින්ය. මහා මාර්ගයකදි තමා ඉදිරියේ මිනිසෙකු මරා දැමු ආකාරය කුඩා දරුවෙකු මට පැහැදිලි කලේය. මෝටාර් ප්‍රහාරයක් නිසා දෙපා කැබලි බවට පත්ව වේදනාවෙන් කෑ ගසා අවසානයේ අධික රුධිර වහනයක් නිසා තම දෑත් මතම මියගිය සිය නව යොවුන් වියේ දියනියගේ සංවේගජනක කතාව එක් මා පිය යුවලක් මට පැහැදිලි කලේය. මෙහි ඇති අවනීතික සහ අසාධාරනයේ සහ ඛේදජනක භාවයේ තරම කිව නොහැකි තරම් විශාල එකකි.

මෙයින් දිවි ගලවා ගත්තවුන් දැන් සිටින්නේ හැගීම් විරහිතව තම ජීවිතය අත්හැර දැමුවන් ලෙසයි .ඔවුන් යුද්ධයෙන් පසු බලාපොරොත්තු වු දේ සහ ලෝකය විසින් දැන් ඔවුන් අමතක කොට ඇති තරමේ පරතරය කම්පාකරවන සුලුය. මට දැනුන තවත් ප්‍රශ්නයක් වන්නේ දෙවන ලෝක යුද්ධයන් පසු යුරෝපයේ සුභ සාධනය වෙනුවන් දැක්වු ප්‍රතිචාරය සහ මේ ISIS වරුන්ට එරෙහිව කල යුද්ධයෙන් පසු එ් යුද්ධයෙන් හානි වු රටවල් වලට යුද්ධයෙන් පසු ලෝකය දැක්වු සහයෝගයේ වෙනසයි.

රසායකින අවි ප්‍රහාර වලින් පිඩාවිදින්නන් ,රෝහල් වලට බොම්බ දැමීම ,සමුහ ස්ත්‍රි දූශන, බඩගින්න ,මුලික අවශ්‍යතා හෝ අහිමිවීම යුද්ධය සමග මේ ජනතාවට ලද දේවල්ය. කෙසේ හෝ අප අවසානයේ මිනිස් හැගීම් දැනිම් නොදැනෙන අකාරයේ කන්ඩායමක් බවට පත්වී ඇත. මේ බිදවැටුන මොසුල් නගරය මැද සිටගෙන සිට්න මට දැනුන දෙයනම් මේ ඛේදවාචකය පසුගිය දශයක තුල බලවත් රටවල්වල දුර්වලම විදේශ ප්‍රතිපත්තින්ගේ අතුරු ප්‍රතිඵලයක් බවයි. එපමනක් නොව දැන් මේ නගරය දරාගැනීම පැවතීම ඉවසීම වැනි මානව ගුනාංග ප්‍රදර්ශනය කරන විශ්විය සංකේතයක් ලෙසයි.  සැබැවින්ම මේ මොසුල් වැසියන් අපේ සහයක් බලාපොරාත්තු නොවේ. වසර 3000 ක ඔවුන්ගෙ ඉතිහාසය පුරා ඒ ශක්තිය ඔවුනට ඇති බවට උදාහරන ඇත. තෙවසරක් පුරා පැවති ත්‍රස්තයෙන් දැන් මේ ජනතාව මිදෙමින් සිටින අතර ලෝකය විසින් ISIS වරු මුුලුනුපුුටා ගැනිමට එක්ව කටයුතු කිරීමට පෙලඹුනා මෙන් යුද්ධයෙන් පසු මේ වැසියන්ගේ ජීවිත නැවත නගා සිටුවීමටද ඔවුනට එකතුවිය හැකිනම් කොතරම් අගනේද.

ඇන්ජලිනා ජොලී මහත්මිය එක්සත් ජාතින්ගේ සරනාගතයින් පිලිබද සංවිධානයේ විශේෂ නියෝජිතවරියකි. මෙහි දැක්වෙන්නේ ISIS සංවිධානයට එරෙහිව ලෝකයේ බලවත් රටවල් විසින් කල යුද්ධයේදී වැඩිම හානියකට ලක්වු ඉරාකයේ ඉපැරනි මොසුල් නගරයේ වර්ථමාන ඛේදජනක තත්වය පිලිබද ඇය විසින් Huntingtonposts  වෙබ් අඩවියට ලියු ලිපියක සිංහල පරිවර්ථනයයි. යුද්ධයේදි හා ඉන් පසුව බලවත් රටවල් ක්‍රියාකල ආකාරය විවේචනය කරන ඇය  ඕනෑම යුද්ධයක අතරුඵලය වෙනසක් නැති එකම ප්‍රතිඵලයක් බවත් වඩා වැදගත් වන්නේ මිනිස් ජිවිත රැකගැනීම බව ප්‍රකාශ කරයි .පසු ගිය 30 වසරක ලංකාවේ සිවිල් යුද්ධයේ පැවතීම හා ඉන් පසු තත්වය මේ හා සමාන එකක් වන අතර ඇය මේ ලිපියෙන්  ඉදිරිපත් කරන කාරනය යුද්ධයෙන් පසු උතුරේ තිබු තත්වය ගැන නැවත සිතීමට උපකාරයකි.
          - කතෘ (Nation's Blog)


Bookmarking Webs With Google

if are you looking for some proper way for manage bookmarks of your important websites, Google Bookmark might be a prefect solution for you .but as usual most of people have no idea of getting real benefits from google products .then if you also one of them, you might be useful this notification.

in October  2005 Google Bookmark was launched by google incorporation for your convenience of managing bookmarks.you know that each and every web browser has been provided the convenience of saving bookmarks .sometimes you might be already using the facility of your web browser .but this is an ultimate solution .this is unlike saving links in your browser .

in this google tool your links are safe with your gmail account . Nobody can see your bookmarks and you can visit your favorite websites from any corner of the world and in any PC through your google account in a jiffy .next point is that in this tool you can save unlimited amount of bookmarks and categorized them under any label. then its so easy to find a link when you want to go back in few simple steps you can do it. 

Rise of The Islamic State




දොන් පෙදෙසේ නොපල කතා - Mikhail sholokhov

"ජර්මානුවෝ ඒ දැරිවිව කුස්සිය පිටිපස්සට ඇදන් ගිහිල්ලා දුශනය කරල මරල දාලා. ඒ දැරිවි වැටිල උන්නේ තැලිච්ච අර්තාපල් ගොඩක් උඩ පුංචි දැරියක් ලපට් එකියක් ලේ තැවරුනු අභ්‍යාස පොතුයි අච්චු පොතුයි මිනිය ලග වැටිල තිබුනා මූන පොරවකින් කපල එහෙම  පිටින්ම මහ භයානක තාලෙට විකෘති වෙලා දැරිවි තමන්ගේ අතින් කට ඇරිචිච පාසල් බෑග් එකත් අල්ලගෙන උන්න අපි ඉතින් දැරිවිගේ මිනිය රෙද්දකින් වහල කතා නැතිව හිටගෙන උන්නා"

මේ කතාව කියන්නෙ කපිතාන් ගෙරාම්සෝව්. ඒ චුලානන්ද සමරනායක මහතා විසින් දොන් පෙදෙසේ නොපල කතා යන නමින් පරිවර්ථනය කරල ඉදිරිපත් කරපු රුසියානු ලේඛක මිහයිල් ෂොලෝහෝව් ගේ කෙටි කතා එකතුවක තියෙන වෛරයෙන් උගත් පාඩම් කියන කතාව ඇතුලේ .මෙම පොතේ පලවෙලා තියෙන කෙටි කතා අට අතරින් " කොමඩු වතු මුරකරන්නා" කතාව හැරුනු කොට අනික් සියලුම කතා සිංහලට පරිවර්තනය වන්නේ පලමුවෙනි වතාවට. නොබෙල් ත්‍යාගලාභී මීහයිල් ශොලෝහව් උපත ලබන්නේ 1905 මැයි 11 වැනි දා රුසියාවේ  Veshenskaya ප්‍රදේශයේ ,ළමා සහ පාසල් කාලයෙන් පස්සෙ ඔහු රතු හමුදාවට බැදෙනවා. ඉන් වසර 4 කට පස්සේ මිහයිල් දකුනු රුසියාවේ දොන් පලාතට පැමිනෙනවා ඉන්පසු 1932 දි කොමියුනිස්ට් පක්ශයට බැදෙන ඔහු 1961 දි එහි මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෙක් බවටද පත්වෙනවා.

දෙවන ලෝක යුද්ධ සමයේදි රුසියානු සමාජය යුධමය වශයෙන් හා ආර්ථිකමය වශයෙන් හා සමාජී්‍ය වශයෙන් බැටකාපු තරම කෙටි කතා කිහිපයක් ඔස්සේ ගලායන විදිහට නිර්මානය කරල තියනවා.  අවුරුදු 30ක් යුද්ධයෙන් බැටකාල සංවේදී ඉන්ද්‍රියන් මොට වෙච්ච මිනිස්සු ඉන්න රටක් විදිහට අපේ රටේ මිනිස්සුන්ට මේ නිර්මාන පෙල මොන විදිහට සංවේදි වෙයිද කියල කියන්න අමරු උනත් සමහර විට මේ කතා ටික කියවන් යනකොට ටික දෙනෙක්ට හරි  අපේ පරන මතක ඇවිස්සෙන්නත් පුලුවන්.

ලංකාවේ නිදහට පෙර යටත් විජිත කාලයේ ඉදල ලබපු අමිහිරි අත්දැකීම් වල වේදනාව යන්නත් කලින්, 57 බන්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමෙන් පසුකාලේ පුපුරල යන්න පටන් ගත්ත ජනවාර්ගික අර්බුදයත්. ඒකේ දිගුවක් උන 83 කලු ජුලියේ ඉදල 2009 වෙනම් ඇදිල ආපු සිවිල් යුද්ධය වගේම 71 කැුරැල්ල, 88-89 භිශන යුගය, ඇතුලේ අපි හොද හැටි විදපු අපි දැකල තියෙන අපි අහල තියෙන තිත්ත කතා වලම ප්‍රතිරූපයක් තමයි දොන් පෙදෙසේ නොපල කතා. මෙහි තියන කතා අතරින් අපේ ලාංකීය සමාජයට හොදින් හුරුපුරුදු බඩගින්නත් දුගි දුප්පත්කමත් හා වීරත්වයත් ගැන ''අල්යෝශ්කාගේ හදවත'' තරම් සංවේදී වෙනත් කතාවක් මම කියවා නෑ. එවන් මිනිස් ජීවිත අපේ පෙරදිග අපේ සමාජයේද  මේ ලංකාවේද දැනට උවද විරලව හෝ තියෙනවා.  එහි එක තැනක මෙලෙස සදහන් වෙනවා.

''අල්යෝශාගේ විදුරුමස් වනවිමට පටන් ගතී .උදෑසන දරාගත නොහැකි බඩගින්න නිවාගනු පිනිස ඔහු එල්ම් ගසක ලාටු බැදි පොත්තක් සපද්දී ඔහුගේ දත් බුරුල්ව  නලියන්නට වුයේ දරුනු වමනයකින් උගුර සිරවී ගියේය - අල්යෝශාගේ දෙපා තනපත් මෙන් දුබලය. සැකයෙන් දෙපා දෙස බැලු ඔහු දෙතොල් අග දැනෙමින් පැවති දරුනු වේදනාව හේතුවෙන් මුුමුනමින් ආපසු වැතිර ගත්තේය. - මට එතැනට යන්න බෑ අම්මෙ හුලගට මාව ගසාගෙන යනවා''

යුද්ධයෙන් බැටකාපු බඩගින්නෙ කන්නවත් නැතුව ලේ විතරක් දැකපු  සමාජයක පාපොච්චාරනයක් දොන් පෙදෙසේ නොපල කතා තුලින් කියැවෙන හැම කතාවක් තුලම තියෙනවා .බඩගින්දරත් අනෙකාගේ වේදනාව ගැන නොහිතපු කුරිරු සමාජයත් යුද්ධයේ  ත්‍රස්තයත් මිනිසුන්ගේ වීරත්වය වගේ ආත්ම පරිත්‍යාගය ගැනත් කියවෙනවා .කාලෙන් කාලෙට අද දක්වා මරන හැරෙන්නෙ වෙනත් දෙයක් නොලබාපු රටක් විිදහට ඉදිරි දශකය තුල අපේ රටේ අය මොන විදිහේ ලේ වැගිරීමක් වෙයිද කියන්න අපි දන්නේ නෑ .ඒ කොහොම උනත් අපට පුලුවන් උනොත් මෝඩකමින් හා දේශපාලන වහල්බාවයෙන් අන්ධ වෙලා තවත් ජාතියක බෙල්ලට තුවක්කුව තියල දනගස්සවලා පුරාජේරුකම් කියවලා සදාකාලික මායාවක හිරවෙලා ඉන්න අපේ මිනිස්සුන්ට පොතපතින් කලාවෙන් හෝ අධ්‍යාපනයෙන් එක දශමෙක හරි අවදිවිීමක් කරන්න ඒකට මේ කතාපෙල පොඩ්ඩක් හරි උපකාරී වෙයි .