11 August 2018

පැනමා පේපර්ස් ( Panam Papers) ගැන අප දැන සිටිය යුතුය

Panama Pepers සිදුවීම දැන් තරමක් පරන එකක් උවත් තාමත් ඒ ගැන හරි හැටි දැනුමක් නොමැති ලාංකිකයන් විශාල ප්‍රමානයක් සිටී. මෙය 2016 වර්ශයේ ලෝකයේ සිදුවු ආන්දෝලනාත්මක සිදුවීමක් වුන අතර ප්‍රජාතන්ත්‍රවාදය හරිහැටි ක්‍රියාත්මක වන රටවල ඇතැම් චුදිතයන්ට සිරගත වීමට පවා සිදුවිය .

පැනමා පේපර්ස් තියා තමන්ගේ රටේ මහබැංකු කොල්ලය ගැන වත් හරි හැටි නොදන්න ජනතාවක් සිටින රටකට පැනමා පේපර්ස් ගැන කීම තේරුමක් නැති වැඩක් ලෙස පෙනී යනු ඇත. නමුත් පසුගිය කාලයේ ලංකාවේ මතබේදයට තුඩු දුන් ඇවන්ගාඩ් සමාගමද තවත් ලාංකිකයන්ගේ  සහ සමාගම් ගනනාවක් මේ සිදුවිම සමග ගෑවි ඇති නිසා  මෙය අපට ඉතා වැදගත් සිදුවිමකි. මේ නම් ලැයිස්තුව 2016 මැයි මාසයේදි Colombo telegraph වෙබ් අඩවිය මගින් හෙලි කරන ලදී මේ පිලිබද පුර්න විස්තරයක් ජාත්‍යන්තර විමර්ශනාත්මක මාධ්‍යවේදීන්ගේ සංවිධානය විසින් පවත්වාගෙන යන Offshore leaks Database  නම් වෙබ් අඩවියේ සටහන් කර ඇත

2016 වර්ශයේ මාර්තු මාසයේ දී,ලොව හතරවන විශාලතම අක්වෙරල නීතිඥ සමාගම වන Mossack Fonseca සමාගම සතු ලෝකයේ විිවිධ පුද්ගලයින්ට සහ සමාගමි වලට අයත් බදු ලිපිගොනු මිලියන 11.5 කට අදාල අති විශාල රහසිගත දත්ත ප්‍රමාණයකි නිර්නාමික කන්ඩායමක් විසින් ලෝකයට විවෘත කර දී තිබුනා ඒ  පිලිබද විස්තරය  ජර්මානු පුවත්පතක් වන Süddeutsche Zeitung පුවත්පත විසින් පලමු වරට හෙලිකරනු ලැබුවායින් පසුව එය ජාත්‍යන්තර විමර්ශණාත්මක මාධ්‍යවෙිදීන්ගේ  සංගමය විසින් කල පුලුල් විශ්ලේශනයකින් පසු BBC සහ The Guardian වැනි ලෝක ප්‍රකට මාධ්‍ය හරහා අදාල ප්‍රවෘත්තිය විකාශණය කරවීමත් සමග මෙම සිදුවීම පිලිබද විස්තරය ලොව පුරා පැතිර ගියේය .

ඒ තුල අදාල සමාගමි වල කොටස් හිමියන් අධ්‍යශවරුන් පිලිබද විස්තරත්. ඔවුන් මහජනයාගෙන් සහ රාජ්‍යන්ගෙන් සගවාගෙන උපයා ඇති සමස්ථ ධනස්කන්ධය සහ රාජ්‍යන්ට ගෙවීමකින් තොරව සැගවු බදු පිලිබද සමිපුර්ණ විස්තරයක් අනාවරණය විය .

මේ දත්ත පිටවීම ආරමිභ වි ඇත්තේ 2016 අප්‍රේල් මාසයටත් වසරකට පමන පෙර සිටයි Süddeutsche Zeitung පුවත්පත විසින් Jhon Doe යන අන්වර්ථනාමකින් සදහන් වන පුද්ගලයෙක් හෝ කන්ඩායමක් විසින් එවන ලද ටෙරාබයිට් 2.6 ප්‍රමාණයකින් යුුතු මොසැයික් ෆොන්සේකා සමාගම විසින් සකස්කරන ලද  සමාගමි 214288 කට අයත් 1970 සිට 2005 දක්වා වු ලිපිගොනු මිලියන 11.5 ක් පිලිබද පුවත  පුවත්පතෙහි පලකරන ලදී .

මෙම ලිිපි පුවත්පතට වාර්ථා කරන ලද Bastian Obermayer, විසින් අදාල නිර්නාමික පිරිස සමග සාකච්ඡා කර තිබු අතර ඔවුන් නිරන්තරම හමුවී තිබුනේ (Encrypted) සංකේතනය කරන ලද සංවාද (chat) මාර්ග හරහායි.2015 වසරේ මෙම දත්ත නිකුත් වීමත් සමග ලොවපුරා රටවල් 107 ක මාධ්‍ය ආයතන 80 කට අයත් මාධ්‍ය වේදීන් 400 දෙනෙකු ආදාල දත්ත විශ්ලේශණය ආරමිභ කරන ලදී . මේ තුල ඊමේල් පනිවුඩ මිලියන 3
ක් PDF ගොනු මිලියන 2.2 ක් Text ගොනු 320000ක් සහ ජායාරෑප මිලියන 2.2 තිබී ඇත මේ සියලු විශ්ලේශණයන්ගේ පසුව 2016 අප්‍රේල් මස මේ පිලිබද ප්‍රථම ප්‍රවෘත්තිය ඔවුන් ලෝකයට අනාවරණය කලේය.



* Jone doe/Jane joe අන්වර්ත පුද්ගලයකු හැදින්විමට භාවිත කරන කෙටි නමකි


03 August 2018

මොසුල් නුවර සිිට ලියමි - A Letter From Mosul


ඇන්ජලීනා ජොලී
එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිලිබද නියෝජිත
2018/06/19

දෙවන ලෝක යුද්ධයෙන් පසු නගරයක් කේන්ද්‍රකරගනිමින් සිදුවු විශාලතම යුද්ධය නම් ඉරාකයේ මොසුල් නුවර ISIS ග්‍රහනයෙන් මුදාගැනීම සදහා දියත් කල දැවැන්ත මෙහෙයුමයි. සිවිල් වැසියන් දහස් ගනනින් මියැදුන අතරම ඉරාකයේ මහා නගර එකම සුන්බුන් ගොඩක් බවට පත්වී තිබුනි. මේ මොසුල් නුවර නැගෙනහිර කොටස දැන් යථාතත්වයට ක්‍රමයෙන් පත්වෙමින් පවතින අතර බටහිර කොටස යුද්ධයෙන් වසරකට පසුත් තවමත් සුන්බුන් මත්තේය.

පසුගිය දශකයක් පුරාවට මැදපෙරදිග සහ ඇෆ්ගනිස්තානයේදි මා ලැබූ අත්දැකීම් අනුව මා උගත් දේ අනුව නම් යුධමය ජයග්‍රහනයක් නැවත එම ප්‍රදේශවල ස්ථාවරත්වයක් ඇති කිරීම උදෙසා ප්‍රමානවත් නොවේ. මන්ද එයද අවසානයේ  එක් ආකාරයක ප්‍රචන්ඩත්වක් පමනක් බවට පත්වන නිසාය.

මේ විනාශයට මුල පිරූ ප්‍රචන්ඩකාරී අන්තවාදින් රැල නැවත මෙහි පැමිනීම වැලැක්වීමට කටයුතු සැලසීම මෙහි ඇති වැගත්ම කාරනය ලෙස සලකනවා මෙන්ම මේ නගරය නැවත ගොඩනැගීම සාමය ස්ථාපිත කිරීම හා  එහි වු ඓතිහාසික හා සංස්කෘතික වටිනාකම් නැවත ගොඩනැංවීමටද ප්‍රමුඛතාවක් දිය යුුතුමය .බොහෝදෙනෙක් සිතන පරිදි මේ බටහිර මොසුල් නුවර මේ වනවිට ගොඩනැගිලි ඉදිකිරීම් යන්ත්‍ර, සැලසුමි ශිල්පීන් ,ඉංජිනේරුවන්, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන වල නියෝජිතයන්, පුරාවිද්‍යා ගවේශකයන් හා කාර්මික ශිල්පීන් හා එකතුව බිදවැටනු මේ නගරය ගොඩනැංවීමට සැලසුම් සකසමින් සිටින්නේය යන්න සත්‍යක් නොවේ .වසරකට පසුත් තවමත් මේ නුවර අත්හැර දැමු විනාශයට පත් එකම සුන්බුන් ගොඩකි

තවමත් මෙහි ඇත්තේ මෝටාර් සහ වෙඩි උන්ඩ වලින් සිදුරු සැදුනු බිත්තිය. මංමාවත් ඉතාම පාලු නිහඩ බවකින් පිරි ඇත .මෙහි ජිවත් වු  ලක්ශ ගනනක් වු දිවිගලවා ගත්තුවුන් නැවත තම විනාශයට පත්වු මුල් බිම් හෝ නිවාස වලට ගොස් කලහැකි දෙයක් නෙැමති කමින් විශ්වවිද්‍යාල භූමි හෝ වෙනත් ජනතාව ගැවසෙන ස්තාන වල තාවකාලිකව ලැගුම් ගෙන සිටින අතරම මියගිය මලසිරුරු සිය ගනනින් තවමත් මේ ගොඩනැගිලි අතර සිරවී විසිරි පවති.

මහාමාර්ග ගමනාගමනයට කිසිසේත්ම සුදුසු නොවන තරම්ය. අතලොස්සක් පමන වු මුල් පදිංචිකරුවන්ගෙන් පිරිසක් පමනක් නැවත පැමින සිය දෑත් වලින් කඩා වැටුන ඔවුන්ගේ ජීවිත නැවත ගොඩනැගීමට උත්සහ දරන්නේ යුද්ධයේදී ඉතිරිවු පුපුරානොගිය බෝම්බ වලින් සිය ජිවිතය අවසන්වීමේ අවධානමද අතැතිවයි. පසුගිය සතියේ සිදුවු එවන් පිපිරීමකින් ජීවිත කිහිපයක් අහිමිව 27 දෙනකුට තුවාල සිදුවිය.

මෙහි බරපතලම ඛේදවාචකය නම් ගොඩනැගිලි කඩා වැටීම නොව මෙහි ජිවත්වු මිනිසුන්ගේ හදවත්වල සිදුවු සංවේගජනක බිදවැටීමය. යුද්ධයෙන් අවතැන්වු පදිංචිකරුවන්ට ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් උපයාගත් දෑ ලියකියවිලි මෙන්ම ඔවුන්ගේ අනන්‍යතාවය පවා නැතිවී ගොසින්ය .වෙනස් ආගමික මත දැරූවද එකට ජිවත් වු මිනිසුන් දැන් බෙදි ගොසින්ය.මා සමග කතාබහ කල එක් මිනිසෙක් හමුදා බලඇනි විසින් තමන්ට පහර දුන් අකාරය ගැන පැහැදිලි කලේ කදුලු පිරි දෙනෙතින්ය.

මහා මාර්ගයකදි තමා ඉදිරියේ මිනිසෙකු මරා දැමු ආකාරය කුඩා දරුවෙකු මට පැහැදිලි කලේය. මෝටාර් ප්‍රහාරයක් නිසා දෙපා කැබලි බවට පත්ව වේදනාවෙන් කෑ ගසා අවසානයේ අධික රුධිර වහනයක් නිසා තම දෑත් මතම මියගිය සිය නව යොවුන් වියේ දියනියගේ සංවේගජනක කතාව එක් මා පිය යුවලක් මට පැහැදිලි කලේය. මෙහි ඇති අවනීතික සහ අසාධාරනයේ සහ ඛේදජනක භාවයේ තරම කිව නොහැකි තරම් විශාල එකකි.

මෙයින් දිවි ගලවා ගත්තවුන් දැන් සිටින්නේ හැගීම් විරහිතව තම ජීවිතය අත්හැර දැමුවන් ලෙසයි .ඔවුන් යුද්ධයෙන් පසු බලාපොරොත්තු වු දේ සහ ලෝකය විසින් දැන් ඔවුන් අමතක කොට ඇති තරමේ පරතරය කම්පාකරවන සුලුය. මට දැනුන තවත් ප්‍රශ්නයක් වන්නේ දෙවන ලෝක යුද්ධයන් පසු යුරෝපයේ සුභ සාධනය වෙනුවන් දැක්වු ප්‍රතිචාරය සහ මේ ISIS වරුන්ට එරෙහිව කල යුද්ධයෙන් පසු එ් යුද්ධයෙන් හානි වු රටවල් වලට යුද්ධයෙන් පසු ලෝකය දැක්වු සහයෝගයේ වෙනසයි.

රසායකින අවි ප්‍රහාර වලින් පිඩාවිදින්නන් ,රෝහල් වලට බොම්බ දැමීම ,සමුහ ස්ත්‍රි දූශන, බඩගින්න ,මුලික අවශ්‍යතා හෝ අහිමිවීම යුද්ධය සමග මේ ජනතාවට ලද දේවල්ය. කෙසේ හෝ අප අවසානයේ මිනිස් හැගීම් දැනිම් නොදැනෙන අකාරයේ කන්ඩායමක් බවට පත්වී ඇත. මේ බිදවැටුන මොසුල් නගරය මැද සිටගෙන සිට්න මට දැනුන දෙයනම් මේ ඛේදවාචකය පසුගිය දශයක තුල බලවත් රටවල්වල දුර්වලම විදේශ ප්‍රතිපත්තින්ගේ අතුරු ප්‍රතිඵලයක් බවයි.

එපමනක් නොව දැන් මේ නගරය දරාගැනීම පැවතීම ඉවසීම වැනි මානව ගුනාංග ප්‍රදර්ශනය කරන විශ්විය සංකේතයක් ලෙසයි.  සැබැවින්ම මේ මොසුල් වැසියන් අපේ සහයක් බලාපොරාත්තු නොවේ. වසර 3000 ක ඔවුන්ගෙ ඉතිහාසය පුරා ඒ ශක්තිය ඔවුනට ඇති බවට උදාහරන ඇත. තෙවසරක් පුරා පැවති ත්‍රස්තයෙන් දැන් මේ ජනතාව මිදෙමින් සිටින අතර ලෝකය විසින් ISIS වරු මුුලුනුපුුටා ගැනිමට එක්ව කටයුතු කිරීමට පෙලඹුනා මෙන් යුද්ධයෙන් පසු මේ වැසියන්ගේ ජීවිත නැවත නගා සිටුවීමටද ඔවුනට එකතුවිය හැකිනම් කොතරම් අගනේද.

ඇන්ජලිනා ජොලී මහත්මිය එක්සත් ජාතින්ගේ සරනාගතයින් පිලිබද සංවිධානයේ විශේෂ නියෝජිතවරියකි. මෙහි දැක්වෙන්නේ ISIS සංවිධානයට එරෙහිව ලෝකයේ බලවත් රටවල් විසින් කල යුද්ධයේදී වැඩිම හානියකට ලක්වු ඉරාකයේ ඉපැරනි මොසුල් නගරයේ වර්ථමාන ඛේදජනක තත්වය පිලිබද ඇය විසින් Huntingtonposts  වෙබ් අඩවියට ලියු ලිපියක සිංහල පරිවර්ථනයයි. යුද්ධයේදි හා ඉන් පසුව බලවත් රටවල් ක්‍රියාකල ආකාරය විවේචනය කරන ඇය  ඕනෑම යුද්ධයක අතරුඵලය වෙනසක් නැති එකම ප්‍රතිඵලයක් බවත් වඩා වැදගත් වන්නේ මිනිස් ජිවිත රැකගැනීම බව ප්‍රකාශ කරයි .පසු ගිය 30 වසරක ලංකාවේ සිවිල් යුද්ධයේ පැවතීම හා ඉන් පසු තත්වය මේ හා සමාන එකක් වන අතර ඇය මේ ලිපියෙන්  ඉදිරිපත් කරන කාරනය යුද්ධයෙන් පසු උතුරේ තිබු තත්වය ගැන නැවත සිතීමට උපකාරයකි.
          - කතෘ (Nation's Blog)